අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා යළි ආරම්භ වන ලකුණු.

අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් මෙම සතියේදී ඉස්ලාමාබාද් නුවරට  යලි පැමිණීමට හැකියාවක් ඇති බව වාර්තා වේ.රොයිටර් පුවත් සේවය සඳහන් කළේ, අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙම සාකච්ඡා යළි ආරම්භ කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමුව ඇති බවය.

ඇමරිකාව සහ ඉරානය අතර බිඳ වැටී ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ සාකච්ඡා යළි ආරම්භ වීමේ සුබදායී ලකුණු පහළ වෙමින් පවතින බව පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් මාධය හමුවේ පැහැදිලි කර ඇත.

දෙරට අතර පවතින උණුසුම්කාරී වාතාවරණය සමනය කරමින් යළි සාකච්ඡා මේසයට පැමිණීමේ හැකියාවක් පවතින බවයි ආරක්ෂක අමාත්‍යවරයා ඉඟි කර ඇති අතර් මෙසේ පැහැදිලි කර ඇතැයි මාධ්‍ය පවසයි.

“සාකච්ඡා සහ මැදිහත්වීම් යළි ආරම්භ කිරීමට තවමත් අවස්ථාවක් තිබෙනවා. මේ පිළිබඳව පූර්ව නිගමන ලබාදීමට කැමති නැහැ. එසේ වුවත් සාකච්ඡාවලින් පසු ඇති වූ වාතාවරණය යහපත්. මෙතෙක් කිසිදු සෘණාත්මක ප්‍රතිචාරයක් ලැබී නැහැ.” යැයි අමාත්‍යවරයා පවසා ඇත.

ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින යුදමය වාතාවරණය අවසන් කිරීමේ අරමුණින් පාකිස්ථානය, ඊජිප්තුව සහ තුර්කිය ඉදිරි දින කිහිපය තුළ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කලාපීය ආරංචි මාර්ග සහ ඇමෙරිකානු නිලධාරියකු උපුටා දක්වමින් ඇක්සියෝස් පුවත් සේවය මෙම තොරතුරු අනාවරණය කර ඇත. පාකිස්තානය, ඊජිප්තුව සහ තුර්කිය මෙම සාකච්ඡා සඳහා පෙරමුණ ගෙන සිටින බවයි එම වාර්තාවේ සඳහන් වෙයි

මේ අතර ඉරාන – ඇමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති පලමු වටයේ ඉහළ පෙළේ සාම සාකච්ඡාවලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට නොපැමිණි  බව අමෙරිකා  උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසයි.

ඉරානය “අපගේ කොන්දේසි පිළි නොගැනීමට” තෝරා ගත් බව වැන්ස් පවසන අතර, න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකිරීමට ටෙහෙරානයෙන් “මූලික කැපවීමක්” එක්සත් ජනපදයට දැකිය යුතු බව පැවසීය.  සමසාක්ඡාවලින් අනතුරුව පාකිස්තානයෙන් පිටවීමට පෙර ඔහු ඒ බව පැවැසීය

සාකච්ඡා “දැඩි” බව පවසන ඉරාන විදේශ අමාත්‍යාංශය, “අධික ඉල්ලීම් සහ නීති විරෝධී ඉල්ලීම්” වලින් වළකින ලෙස වොෂින්ටනයෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර,  පැවසුවේ ගිවිසුමකට එළඹීම හෝ නොකිරීම තමාට “වෙනසක් නොවන” බවත් “කුමක් සිදු වුවද, අපි දිනමු” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *