
උදාවු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී ඡනතාව මහත් උනන්දුවෙන් සමරණු ලැබුවා.නැකැත් චාරිත්‍ර වලට මුල් තැනක් දෙමින් රටපුරා අවුරුදු සමරණු ලැබුවා.ඡන ක්‍රීඩා හා අවුරුදු උත්සවද රට පුරා සංවිධානය කර තිබුණා.
අලුත් අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද එනම් පසුගිය (14) වැනිදා පූර්වභාග 09.32 ට අලුත් අවුරුද්ද උදා වුණා.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංස්කෘතික මංගල්‍යයේ උත්කර්ෂවත් අවස්ථාව මෙලෙස සනිටුහන් වුණා.
එදින අළුයම 03.08 ට ආරම්භ වූ පුණ්‍ය කාලය පස්වරු 03.56 දක්වා යෙදි තිබුණා.
අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත එදින පූර්වභාග 10.51 ට යෙදී තිබුණු අතර එහිදී රක්ත වර්ණ (රතු පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, කිරිබතක් සහ කැවිලි වර්ගයක් ද, දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගැනීම සුබ බව නැකැත් සීට්ටුවේ සඳහන්ව තිබුණා.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය පසුගිය (14) වැනිදා අපරභාග 12.06 ට යෙදී තිබූ අතර එහිදී ද රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකෙරුණා.


